හැමිල්ටන් බෞද්ධ විහාරස්ථානයේ වාර්ෂික කඨින චීවර පූජා මහ පිංකම පසුගිය ඔක්තෝබර් 22 වැනි ඉරිදා හැමිල්ටන් උසස් බාලක පාසල් ශාලාවේ දී අතිපූජ්‍ය ගරුතර භික්ෂූන් වහන්සේලා විසිඑක්නමකගේ හා භික්ෂුනීන් වහන්සේ නමකගේ සහභාගීත්වයෙන් පැවැත්වුණි.
බොදු වත්පිළිවෙත්වලට අනුකූලව අතිපූජ්‍ය මහා සංඝරත්නය අභිමුඛයෙහි කඨින චීවර පූජාව සිදු කෙරුණි.
ගරුතර සංඝරත්නය විෂයෙහි දන් පිළිගැන්වීමෙන් පසු සියලු මහා සංඝයා වහන්සේලා විෂයෙහි අටපිරිකර සහ සෙසු පිරිකර පූජා සිදු කෙරුණු අතර පිරිකර පූජා කිරීමට දායකදායිකාවෝ එක් වූහ.
එදින පෙරවරුවේ සිට බොදු උපාසක උපාසිකාවන් විශාල පිරිසක් මෙම මහ පිංකමට දායකවීම පිණිස හැමිල්ටන්, ඕක්ලන්ඩ් සහ වෙනත් නගරවලින් පැමිණියහ.
නව සීලන්තයේ වෙසෙන සිංහල බොදුනුවන් විශාල පිරිසක් සමඟ නව සීලන්ත, තායිලන්ත සහ ලාඕස ජාතික බෞද්ධ පිංවතුන් රැසක් සැදැහැ සිිතින් මේ මහ පිංකමට දායක වූහ.
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |