2018 නව වසරට සෙත් පැතීමේ විශේෂ වැඩසටහනක් 2018 ජනවාරි 1 වැනි දින විහාරස්ථානයේ දී පැවැත්වුණි.
ජනවාරි 1 උදෑසන 7.00ට කිරි ආහාර පූජාවට ද පස්වරු 7.00ට පැවැත්වුණු බෝධි පූජාව සහ සෙත් පිරිත් සජ්ඣායනාවට ද එක් ව නව වසරට ආශිර්වාද ලබමින් නිදුක් නිරෝගී සුව ප්රාර්ථනා කිරීමට පිංවතුන් රැසක් දූ දරුවන් ද සමඟ එක් ව සිටියහ.