Events

විහාරස්ථාන හයක් එක් ව නව සීලන්තයේ වෙසක් පිංකම් සැමරුම අන්තර්ජාලය ඔස්සේ

Vesak Lanternsනව සීලන්තයේ බෞද්ධ විහාරස්ථාන හයක් (06) ඒකාබද්ධව මෙවර වෙසක් පුර පසලොස්වක පොහෝ දින වැඩසටහන් නව සීලන්තය පුරා වෙසෙන බෞද්ධ පිංවතුන් අන්තර්ජාලය ඔස්සේ සම්බන්ධ කරගනිමින් සජීවී ව ක්‍රියාත්මක කිරීමට සූදානම් කොට තිබේ.

ඒ අනුව සියලු පිංවතුන්ට නිවසේ සිට ම උදෑසන 8.00ට සිල් සමාදන් වීමටත් එතැන් සිට පස්වරු 6.00 දක්වා ආමිස ප්‍රතිපත්ති පූජාවන්හි නියැලීමටත් සැදැහැවතුන්ට අවස්ථාව උදා කර දී තිබේ.

මේ අනුව ඕක්ලන්ඩ්හි ශ්‍රී ලංකාරාම විහාරස්ථානය, වෙලින්ටන්හි ධම්මගවේසී භාවනා සේනාසනය, හැමිල්ටන්හි බෞද්ධ විහාරස්ථානය, ක්‍රයිස්ට්චර්ච්හි සමාධි බෞද්ධ විහාරස්ථානය, ඔක්ලන්ඩ්හි නෝර්ත්ෂෝහි ථෙරවාද බෞද්ධ විහාරස්ථානය සහ ඕක්ලන්ඩ් පෙන්රෝස්හි බෞද්ධ අධය්‍යන මධ්‍යස්ථානය යන විහාරස්ථාන අන්තර්ජාලය ඔස්සේ එක් කර ගනිමින් පොහෝ දින වැඩසටහන් ක්‍රියාත්මක කෙරේ.

පහත අන්තර්ජාල සබැඳිය ඔස්සේ වෙසක් සීල භාවනා වැඩසටහනට එක් වන ලෙස සියලු බෞද්ධ පිංවතුන්ට ඇරයුම් කෙරේ.

https://www.facebook.com/srilankanz.co.nz and also on YouTube https://youtu.be/tTbWtxcjVtM.

Vesak pro NZ lankanz