Events

සිකුරාදා භාවනා වැඩසටහන නොවැ: 26 සිට  Friday Meditation Program - Will be resuming from 26 November

Gal Viharayaඅප විහාරස්ථානයේ සතිපතා සිකුරාදා පවත්වන භාවනා වැඩසටහන ලබන නොවැම්බර් 26 දින නැවත ආරම්භ කරන බව දැනුම් දෙමු.

වයිකටෝ පළාතේ කොවිඩ් ආරක්ෂිත තත්ත්වය - දෙවන මට්ටම දක්වා පහළට ගොස් ඇති බැවින් නැවතත් එය ආරම්භ කිරීමට තීරණය කර ඇත.

කෙසේ වෙතත්, සුපුරුදු නත්තල් සහ අලුත් අවුරුදු නිවාඩුව ඉතා ආසන්න බැවින්, ලබන වසරේ ජනවාරි මැද වන තෙක් සෙනසුරාදා ඉංග්‍රීසි මාධ්‍යයෙන් පැවැත්වෙන දහම් වැඩසටහන නැවත ආරම්භ නොවන බව ද කරුණාවෙන් සලකන්න.

අපගේ භාවනා සැසි සඳහා ඔබ අප හා එක්වනු ඇතැයි බලාපොරොත්තු වන අතර විහාරයේ සිටින විට, අප සියල්ලන්ම කොවිඩ් රෝගයෙන් ආරක්ෂා වීමට සැලකිලිමත් විය යුතු බව කරුණාවෙන් දන්වමු.

 

Now that Waikato has moved down to COVID - 19 Level 2 again, Hamilton Vihara will be resuming its weekly Friday meditations on 26 November.

However, because the usual Christmas and New Year break is so close, the Saturday dhamma talks in English won’t begin again until mid-January next year.

We thank you for your patience, and hope to you will join us for the meditation sessions. While at the temple, please observe all the requirements to keep us all safe from COVID.