Events

2023 නව වසරේ උදාව සැදැහැවත් ව සමරමු - New Year Blessing Ceremony 2023

2023 Kiri Ahara puja2023 අලුත් අවුරුදු උදාව සැදැහැවත් ව සැමරීම පිණිස පවත්වනු ලබන කිරි ආහාර බුද්ධ පූජාව සෑම වසරකම මෙන් මෙවර ද හැමිල්ටන් විහාරස්ථානයේදී ලබන ජනවාරි 01 ඉරිදා උදෑසන 7ට පැවැත්වේ.

මෙදින ගෞරවනීය ස්වාමීන්වහන්සේලා සිව්නමක් පෙරටුකොට ගෙන වැඩසටහන් පැවැත්වෙන අතර තෙරුවන් වැඳපුදා, දන් සිල් භාවනා වැඩසටහන්වලට එක් ව නව වසර සමාරම්භය සැදැහැවත්ව සමරන්නට ආරාධනා කරමු.

එදින ම පස්වරු 7ට බෝධි පූජා වන්දනා වැඩසටහන ද පැවැත්වෙන අතර එයට ද එක්වන මෙන් ඉල්ලා සිටිමු.

උදෑසන කිරි ආහාර සහ මල් පහන් ද සවසට ගිලන්පස හා මල් පහන් ද රැගෙන පින්වත් ඔබ සැම දූදරුවන් ද සමඟ පින්කම්වලට එක් වී නව වසර ආශිර්වාද පෙරටුව ආරම්භ කරනු මැනවි.

Let's celebrate the dawn of the new year 2023 with devotion

New Year 2023 Blessing Ceremony on Sunday 1 January 2023. You are kindly invited to attend.

2023 Kiri Ahara puja eng