Events

2024 නව වසරේ උදාව සැදැහැවත් ව සමරමු - New Year Blessing Ceremony 2024

sunset buddha statue2024 අලුත් අවුරුදු උදාව සැදැහැවත් ව සැමරීම පිණිස පවත්වනු ලබන කිරි ආහාර බුද්ධ පූජාව සෑම වසරකම මෙන් මෙවර ද හැමිල්ටන් විහාරස්ථානයේදී ලබන ජනවාරි 01 සඳුදා උදෑසන 7ට පැවැත්වේ.

ඔබ සැමට නව වසර වෙනුවෙන් ආශීර්වාද පතා පවත්වන අලුත් අවුරුදු ආගමික වැඩසටහනට එක් ව තෙරුවන් වැඳපුදා, දන් සිල් භාවනා වැඩසටහන්වලට එක් ව නව වසර සමාරම්භය සැදැහැවත්ව සමරන්නට ආරාධනා කරමු.

එදින ම පස්වරු 7ට බෝධි පූජා වන්දනා වැඩසටහන ද පැවැත්වෙන අතර එයට ද එක්වන මෙන් ඉල්ලා සිටිමු. මාතලේ රත්නසිරි හාමුදුරුවන් ලංකාවට වැඩම කරන බැවින් උන්වහන්සේට ආශිර්වාද කිරීම ද මෙදින සිදු කෙරේ.

වැඩසටහන - 2024 ජනවාරි 01

7:00 - බුද්ධ වන්දනාව

කිරි ආහාර බුද්ධ පූජාව

පූජ්‍ය මහා සංඝරත්නයට උදෑසන ආහාර දානය පිරිනැමීම.
(බෙදා ගැනීමට කිරි ආහාර පිඟානක් රැගෙන එන්න)

ප.ව.7.00 - බෝධි පුජා සහ සෙත් පිරිත් පිංකම
(කරුණාකර මල් සහ අනෙකුත් පූජා භාණ්ඩ රැගෙන එන්න)

Let's celebrate the dawn of the new year 2024 with devotion

Hamilton Buddhist Vihara (WCMC) cordially invite you, your family and friends to join us in celebrating the New Year 2024 the Annual New Year Ceremony to invoke blessings upon all of you.

Programme Schedule - 1 January 2024

7:00 am – Buddha Vandanā

Offering of kiri Āhara Buddha Pujā

Offering of Breakfast Dāna to the Venerable Mahā Sangha
(Please bring a plate of Kiri Āhara to share)

7:00 pm – Bodhi Pujā and Seth Pirith Pinkama
(Please bring flowers and other Pujā items)

Along with a Blessing ceremony to Ven. Matale Rathnasiri Bhante who is leaving to Sri Lanka.