Events

2024 වෙසක් උත්සවය | Vesak Celebration 2024

5 Vesak Pohoyaහැමිල්ටන් විහාරස්ථානයේ (වයිකාටෝ මෛත්‍රී භාවනා මධ්‍යස්ථානය) 2024 වෙසක් උත්සවය එළඹෙන මැයි 25 සෙනසුරාදා පැවැත්වීමට නියමිතය.

බුදුරජාණන් වහන්සේගේ උපත, බුද්ධත්වය සහ පිරිනිවන් පෑම සිහිපත් කරන මෙම පින්කම බෞද්ධ දින දර්ශනයේ වැදගත් ස්ථානයක් ගනී.

බුදුරජාණන් වහන්සේට නමස්කාර කිරීමටත්, උන්වහන්සේගේ ඉගැන්වීම් පිළිපැදීමටත් අපට මඟ පෙන්වීම සඳහා විහාරස්ථානය විසින් ධර්ම දේශනා, භාවනා සැසි, පූජා, පහන් කූඩු මංගල්‍යය, භක්ති ගී සහ දන්සල සංවිධානය කර ඇත.

වැඩසටහන:
25 සෙනසුරාදා උදේ 8 සිට සවස 4 දක්වා
අටසිල් සමාදන් වීම.
භාවනා, ධර්ම දේශනා, ධර්ම සාකච්ඡා සහ වන්දනා වැඩසටහන් එයට ඇතුළත් වේ. පූජ්‍ය ස්වාමීන් වහන්සේලා සහ ආරාධිත ගුරුවරුන් විසින් සිංහල සහ ඉංග්‍රීසි භාෂාවලින් වැඩසටහන මෙහෙයවනු ඇත. (මෙදින පෙරවරු 9.30 සිට පූජ්‍ය රෝහිණී මෑණියෝ විසින් මෙහෙයවනු ලබන භාවනා සැසියක් සහ ඉංග්‍රීසි බසින් ධර්ම සාකච්ඡාවක් ද පැවැත්වේ.)

පස්වරුවේ වැඩසටහන:
5:30 බෝ කුටිය සහ බෝධි වන්දනාව විවෘත කිරීම
6:15 භක්ති ගී
6:45 දහම් පාසල් සිසුන්ගේ නිර්මාණ සහ තොරණ විවෘත කිරීම
7:00 දන්සල

මෙම පින්බර පුණ්‍යකර්ම සඳහා සහභාගී වන මෙන් ඔබට ආදරයෙන් ආරාධනා කරන්නෙමු. ඔබගේ පැමිණීම අධ්‍යාත්මික ගුණවර්ධනය කරන අතර මෙම උත්සවය වඩාත් අර්ථවත් කරයනු ඇත.

වෙසක් පිංකම වෙනුවෙන් ධර්ම පුජා පිරිකර පිරිනැමීමට කැමති නම් අමතන්න: විහාරස්ථානය: 07 8592180 / 021 2592747

Hamilton Vihara (Waikato Compassion Meditation Centre) 2024 Vesak Celebration Festival to be held on Saturday 25 May.

This auspicious event, commemorates the Lord Buddha's Birth, Enlightenment, and Passing, holds a significant place in the Buddhist calendar.

The Vihara has organized Dhamma talks, Meditation sessions, Puja, Lantern festival, Bhakthi Gee, and Dansala to honor the Lord Buddha and help us practice, and follow his teachings.

Program:
Saturday 25th from 8 a.m to 4 p.m
Eight precepts day (Sil Program). Includes Meditation, Dhamma talks, Dhamma discussions, and Vandana. Venerable monks and guest teachers will conduct the program in Sinhala and English languages. (There will be a meditation session and Dhamma discussion in English from 9:30 a.m. conducted by venerable Rohini Maniyo)

5:30 p.m. Opening of Bo Kutiya and Bodhi Vandana
6:15 p.m. Bhakthi Gee
6:45 p.m. Opening of Dhamma School student's creations and pandal
7:00 p.m. Dansala

We warmly invite you to participate in these auspicious and meritorious religious activities. Your presence will enhance the spiritual atmosphere and make this celebration more meaningful.

If you like to offer Dhamma Puja Pirikara for Vesak Pinkama, please contact: Temple: 07 8592180 / 021 2592747

5 Vesak Progrm