Events

2017 වස් ආරාධනා පිංකම

හැමිල්ටන් බෞද්ධ විහාරයේ වස් ආරාධනා පිංකම ජූලි 8 වැනිදා පස්වරුවේ විහාරස්ථානයේ දී සැදැහැවත් උපාසක උපාසිකාවන් රැසකගේ සහභාගීත්වයෙන් සිදු කෙරුණි.

වස් ආරාධනා පිංකම විහාරස්ථානයේ නාහිමි පූජ්‍ය දුනුවිල මෙත්තෙයිය ස්වාමීන් වහන්සේ සහ විහාරවාසී පූජ්‍ය ටෙංසිං චොසන්ග් හිමියන්ට මෙවර වස් ආරාධනාව සිදු කෙරුණ අතර හෑගොඩ මහතා විසින් චාරිත්‍රානුකූලව මෙවර වස් ආරාධනාව සිදුකරන ලදී.

මෙවර විහාරස්ථානයේ වස් විසීමට ශ්‍රී ලංකාවෙන් ආරාධනා කරනු ලැබ තිබූ පූජ්‍ය මකුලැල්ලේ නන්ද හිමියන්ට ඒ වන තෙක් වැඩම කිරීමට නොහැකිවීම නිසා උන්වහන්සේ වෙනුවෙන් පසු වස් ආරාධනාවක් සිදු කරන බව ද නායක හිමිපාණන් වහන්සේ දැනුවත් කළහ. සෙත් පිරිත් සජ්ඣායනා කරමින් මෙදින පිංකමට පැමිණ සිටි උපාසක උපාසිකාවන් සැමට ආශීර්වාද කරනු ලැබිණි.

Vas Aradhana 18 2 640x427

Vas Aradhana 18 3 640x427

Vas Aradhana 18 6 640x427

Vas Aradhana 18 7 640x427

Vas Aradhana 18 4 640x427

Vas Aradhana 18 2 640x427