Events

නිකිණි පුර පෝදා සදහම් වැඩසටහන්

පසුගිය නිකිණි පුන් පොහෝ දිනය නිමිත්තෙන් හැමිල්ටන් බෞද්ධ විහාරස්ථානයේ පැවැත්වුණු අටසිල් සමාදන් වීම සහ බුද්ධ පූජා පිංකම් වෙනුවෙන් උපාසක උපාසිකාවෝ එක් ව සිටියහ.

මෙදින විහාරස්ථානයේ නායක පූජ්‍ය දුනුවිල මෙත්තෙයිය ස්වාමීන් වහන්සේ, පූජ්‍ය මකුලැල්ලේ නන්ද ස්වාමීන් වහන්සේ සහ පූජ්‍ය ටෙන්සිං චොසන්ග් ස්වාමීන් වහන්සේගේ අනුශාසකත්වයෙන් ධර්ම දේශනා භාවනා සහ ධර්ම සාකච්ඡා වැඩසටහන් පැවැත්විණි.

මෙදින දානමය පිංකම සඳහා ලාඕසයේ ස්වාමීන් වහන්සේ නමක් සහ ලාඕස ජාතික බෞද්ධ උපාසක උපාසිකාවන් පිරිසක් ද එක් ව සිටීම විශේෂත්වයක් විණි.

Nikini Sil 2 640x480

Nikini Sil 8 640x480

Nikini Sil 4 640x480

Nikini Sil 5 640x480

Nikini Sil 6 640x480

Nikini Sil 7a 640x480

Nikini Sil 7 640x480