දුරුතු පුර පසළොස්වක පොහෝ දින ශීල භාවනා පින්කම ජනවාරි 27 සෙනසුරාදා උදෑසන 8 සිට පස්වරු 4 දක්වා හැමිල්ටන් විහාරස්ථානයේ දී පැවැත්වේ.
දුරුතු පුර පසළොස්වක පොහෝ දින ශීල භාවනා පින්කම ජනවාරි 27 සෙනසුරාදා උදෑසන 8 සිට පස්වරු 4 දක්වා හැමිල්ටන් විහාරස්ථානයේ දී පැවැත්වේ.
හැමිල්ටන් බෞද්ධ විහාරස්ථානය සංවිධානය කළ තෙසැත්තෑ බුද්ධ ඥාන පූජා පිංකම පසුගිය ඔක්තෝබර් 7 වන සෙනසුරාදා හෝර්ෂම් ඩවුන්ස් ප්‍රාථමික පාසල් ශාලාවේ දී සිදු කෙරිණි.
මේ එම පින්කමේ ඡායාරූප කිහිපයක්.
නවම් පුර පසළොස්වක පොහෝ දින සිල් වැඩසටහන පෙබරවාරි 4 වන සෙනසුරාදා උදෑසන 8 සිට පස්වරු 4 දක්වා හැමිල්ටන් විහාරස්ථානයේ දී පැවැත්වේ.
2024 අලුත් අවුරුදු උදාව සැදැහැවත් ව සැමරීම පිණිස පවත්වනු ලබන කිරි ආහාර බුද්ධ පූජාව සෑම වසරකම මෙන් මෙවර ද හැමිල්ටන් විහාරස්ථානයේදී ලබන ජනවාරි 01 සඳුදා උදෑසන 7ට පැවැත්වේ.
තෙසැත්තෑ බුද්ධ ඥාන පූජා පිංකමක් ලබන ඔක්තෝබර් 7 වන සෙනසුරාදා පැවැත්වීමට හැමිල්ටන් බෞද්ධ විහාරස්ථානය සංවිධානය කරයි. එදින සවස 6.30ට මේ පින්කම (සිංහල භාෂාවෙන්) ආරම්භ කිරීමට සැලසුම් කර ඇත.
මේ මාසයේ සිල් වැඩසටහන වසර අවසාන සති අන්තයේ දෙසැම්බර් 30 සෙනසුරාදා පැවැත්වීමට නියමිතව තිබුණි.
බිනර පුර පසළොස්වක පොහෝ දින ශීල භාවනා පින්කම සැප්තැම්බර් 30 වන සෙනසුරාදා උදෑසන 8 සිට පස්වරු 4 දක්වා හැමිල්ටන් විහාරස්ථානයේ දී පැවැත්වේ.
2023 දුරුතු පුර පසළොස්වක පොහෝ දින සිල් වැඩසටහන ජනවාරි 07 සෙනසුරාදා උදෑසන 8 සිට පස්වරු 4 දක්වා හැමිල්ටන් විහාරස්ථානයේ පැවැත්වේ.
මෙවර දහම් පාසල් ත්‍යාග ප්‍රදානෝත්සවයට ඔබ දැක්වූ අමිල දායකත්වය වෙනුවෙන් ඉරිදා ධම්ම හා භාෂා පාසල ඔබ සැමට අපගේ අවංක ප්‍රණාමය පුදකර සිටිමු.
ඉරිදා දහම් සහ භාෂා පාසලේ දරු දැරියන් සිල් සමාදන් වීමේ වැඩසටහන සැප්තැම්බර් 17 වැනිදා පැවැත්විණි.
විහාරස්ථානයේ පැවැත්වූ මේ වැඩසටහනට දරු දැරියන් රැසක් සහභාගී වූ අතර අපගේ ආධ්‍යාත්මික අදහස්, ආශීර්වාදය සහ සුන්දර මතකයන් ඔබ සමඟ බෙදා ගැනීමට අපි සතුටු වෙමු.
2023 අලුත් අවුරුදු උදාව සැදැහැවත් ව සැමරීම පිණිස පවත්වනු ලබන කිරි ආහාර බුද්ධ පූජාව සෑම වසරකම මෙන් මෙවර ද හැමිල්ටන් විහාරස්ථානයේදී ලබන ජනවාරි 01 ඉරිදා උදෑසන 7ට පැවැත්වේ.
මෙවර කඨින සිවුරු පූජා කිරීමේ පින්කම නොවැම්බර්12 දින මහාසංඝරත්නයේ හා බැතිමතුන් විසාල පිරිසකගේ සහභාගීත්වයෙන් පැවැත්විණි.
පසුගිය සැප්තැම්බර් 3 ඉරිදා අපේ දහම් හා භාෂා පාසලේ දරු දැරියන් සමග යෝගා පුහුණුකරන ගුරුමහතාද විසින් තවත් යෝග අභ්‍යාස සැසියක් පවත්වන ලදී.
අපගේ ආදරණීය දරුවන්ට මෙම ක්‍රියාකාරකම් මගින් සම්මා සතිය, සෞඛ්‍යය සහ යහපැවැත්ම වර්ධනය වේ. එහි අවස්ථා කිහිපයකි මේ.
මේ වසරේ අප ඉරිදා දහම් සහ භාෂා පාසලේ ත්‍යාග ප්රදානෝත්සවය පසුගිය දෙසැම්බර් 04 දා ඉතා සාර්ථකව පැවැත්විණි.
ආදරණීය දරුවනේ. හිතවත් දෙමාපියන්, සුභ පැතූ සහ සහය දුන් සැමට පින්සිදු වේවා. ඉරිදා දහම් සහ භාෂා පාසලේ සුමට ක්‍රියාකාරිත්වය සඳහා නොයෙකුත් අයුරින් දායක වීම වෙනුවෙන්, ඔබගේ වෙහෙස මහන්සි වී වැඩ කිරීම සහ අඛණ්ඩ කැපවීම් ඉතා අගය කරනු ලැබේ.
2022 වසරේ පැවැත්වෙන ත්‍යාග ප්රදානෝත්සවය ඔබගේ කැපකිරීම්වල සාක්ෂියකි. මෙම අවස්ථාවට නවසීලන්ත බෞද්ධ මණ්ඩලයේ රොබට් හන්ට් මහතා සහ පිමී තක්දාඩා මහත්මිය සහභාගි වීම අපගේ භාග්‍යයක් විය. එය විශිෂ්ට සිදුවීමක් විය.
අපගේ ආදරණීය දරුවන්ගේ, ප්‍රජාවගේ සහ ශාසනයේ යහපැවැත්ම සඳහා ඔබ ඉදිරිපත් කරන දේ ගැන සතුටු වන්න. සැමට පින්සිදු වේවා!! නිදුක් නීරෝගී සුව පතන්නෙමු!!.
This year, the prize giving ceremony of our Sunday School of Dhamma and Language was held very successfully on December 4th.
Dear children. Dear parents and well-wishers. Pinsiduwewa for contributing so much in many ways to the Sunday Dhamma & Language school for its smooth function. Your hard work and ongoing commitments are highly appreciated.
The Prize Giving Ceremony for this year, 2022, is evidence of your sacrifices. We were fortunate to have Mr. Robert Hunt and Ms. Pimmy Takdhada from the New Zealand Buddhist Council gracing this occasion. It was a great event.
Please rejoice with what you have been offering for the well-being of our beloved children, community, and the Sasana.Pinsiduwewa. Niduk Neerogi Suwa wewa.!!
Hamilton Viharaya
WCMT,
More photos from the prize-giving ceremony of the Sunday Dhamma and Language school
https://www.facebook.com/photo?fbid=3083621178602060&set=pcb.3083624281935083
https://www.facebook.com/100008626237470/videos/pcb.3083306855300159/1138594043683380
https://www.facebook.com/100008626237470/videos/pcb.3083306855300159/458129726465844
https://www.facebook.com/100008626237470/videos/pcb.3083306855300159/644051667463544
Some memories of the cutting fabric for the Vas Cheevaraya at the main sponsor’s house.
ගරුතර පූජ්‍ය සංඝයා වහන්සේලාට වස් කාලයෙහි වස් සමාදන් වී වාසය කිරීම සඳහා ආරාධනා කිරීමේ උත්සවය අගෝස්තු 5 සෙනසුරාදා හැමිල්ටන් විහාරස්ථානයේදී පැවැත්විණි.
වප් පුර පසළොස්වක පොහෝ දින සිල් වැඩසටහන දෙසැම්බර් 10 සෙනසුරාදා පෙරවරු 8 සිට පස්වරු 4 දක්වා හැමිල්ටන් විහාරයේදී පැවැත්වේ.
වප් පුර පසළොස්වක පොහෝ දින ශීල භාවනා පින්කම ඔක්තෝබර් 28 වන සෙනසුරාදා උදෑසන 8 සිට පස්වරු 4 දක්වා හැමිල්ටන් විහාරස්ථානයේ දී පැවැත්වේ.
අගෝස්තු 05 සෙනසුරාදා සවස 6ට හැමිල්ටන් විහාරස්ථානයේ පැවැත්වෙන 2022 වස් ආරාධනා මහා පුණ්‍යකර්මයට අප හා එක්වන ලෙස අපගේ සියලුම දායක-දායිකාවන්ට සහ සැදැහැවතුන්ට ආරාධනා කරමු.
ඉල් පුර පසළොස්වක පොහෝ දින සිල් වැඩසටහන නොවැම්බර් 12 සෙනසුරාදා පෙරවරු 8 සිට පස්වරු 4 දක්වා හැමිල්ටන් විහාරයේදී පැවැත්වේ.
මෙවර කඨින සිවුර ඔක්තෝබර් 14 සිට නොවැම්බර් 10 දක්වා ධම්මික රණසිංහ මහතාගේ නිවසේ දී සකස් කෙරේ. මෙම උතුම් පුණ්‍ය කර්මයට පැමිණ එක්වන ලෙස අපගේ සැදැහැවත් ඔබ සැමට කාරුණිකව ආරාධනා කරමු.
මෙම පෙබරවාරි 12 වැනි දින පළමු වාරය සඳහා අපගේ ඉරිදා දහම් හා භාෂා පාසල ආරම්භ කරන බව කාරුණික මතක් කරමු.
The Robe offering ceremony this year, Kathina Puja – 2022, was a great noble event and for that we would like to thank everyone who gave of their time, effort and resources.